අගෝ 31

මේ මාගේ මුල් ම ලිපියයි. මාගේ website මගින් Mac Os ගැන යම් අදහසක් ලබා දිමට මම බලාපොරොත්තු වෙම්. දැනට Apple ආයතනය තමන්ගේ Mac Os ඵ්ක Intel base hardware සදහා හදුන්​​වා දිමක් කර ඈත. ඹහුන් ගේ නවතම Mac Os පවා ඵන්නේ Intel base මතයි. සිංහල බ්ලෝග් ලියන කිහිප දෙනේක් ලිපි ලියා තිබුනා මේ ගැන, නමුත් ඵ් සැම ලිපියක් ම තිබුනේ Original Mac Os ඵ්ක ගැන නම් නෙමේයි. Mac OS ඵ්කේම වෙනත් සංස්කරණ තමයි තිබුනේ. නමුත් මම පෞද්ගලිකවම Mac Snow Leopard 10.6.4 භාවිතා කරන කෙනෙක්. ඵ් නිසාම තමයි මම අදහස් කෙරැ වේ මේ ගැන ලියන්න. ​ මේ ගැන මම ගොඩක් අත්දැකිම ලබා ගත්තේ තනිවම තමයි. මහන්සි වු තරම් ප්‍රතිඵල ගන්න පුළුවන් වුනා. මම දැනට භාව්තා කරන මගේ PC එකේ පින්තුර කිහිපයක් දැම්මට මම බලාපෙරොත්තු වෙනවා. දැනට භාව්තා වෙන PC වලින් ගොඩක්ම මෙ Os එක support කරන්නේ Intel, Gigabyte, Asus වැනි mother board model වගේම lap model IBM, HP සදහා පමණි . මේ අතුරින් හොදටම වැඩ කරන්නේ Gigabyte model mother board වලට තමයි. Original Mac snow leopard 10.6 Os cd එක අපිට Apple ආයතනයෙන් $ 29 වැනි මුදලකට මිලදි ගන්න වුනත් පුලුවන් .

මම දැනට windows 95 to windows 7 & server 2008 වෙනකම් භාව්තා කරලා තියෙනවා . ඒ ​වගේම Linux ගැන ලොකු උනන්දුවක් තිබුනා, Linux වලින් මම ගොඩක්ම කැමති RedHat, Fedora & CentOS තමයි. නමුත් දිනක් මගේ මිතුරෙක් මගින් දැනගත් තොරතුරක් නිසා මම Mac install කරන්න පෙළබුනේ. මුලින් ම ගොඩක් කට්ටක් කන්න වුනා , එක් වතාවක් මගේ data පවා නැති වුනා. නමුත් එක හරියට කර ගත් විට දැනුනේ නම් පුදුම සතුටක් තමයි. නමුත් මැක් කියන්නේ the world’s most advanced operating system කියලයි. ඈත්තටම එක නම් හරියටම හරි කියලා තෙරැම් යන්නේ Mac භාව්තා කරපු කෙනෙකුට තමයි. අනිත් එවා හොද නැ කියන​වා ​එහෙම නෙමෙයි. Apple ආයතන​ය මෙතෙක් නිපද​වපු හැම දේයම ලොකයේ ගොඩක් ජනප්‍රිය නොවි තිබුනේ නැ. හැම විටම අලුත් දෙයක් තමයි නිපදවන්න ඔහුන් උත්සහා කරන්නේ. Mac සදහා නිපදවා තිබෙන software ගැන ඈත්තටම වචනයෙන් විස්තර කරන්න අමාරැයි.

තවම මම මගේ මෙම web site එක update කරමින් තමයි ඉන්නේ. ඉදිරියේදි මේ ගැන තව ගොඩක් කරැනු කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. Mac snow leopard 10.6 හි අනුවාදන කිහිපයක් ම තියෙන​වා . මම දැනට භාවිතා කරන්නේ 10.6.4 අනුවාදනය තමයි. ළගදිම 10.6.5 පැමිණිමට නියමිතයි. මම දැනට භාවිතා කරන Os එකට අදාල​ව මට Mac update මට කෙලින්ම apple website එකෙන් download කරගැනිමේ හැකියාව තිබේ. නමුත් වෙනත් වර්ගයේ Mac Os වලට ඒ පහසුකම තිබුනත් update කර පසු නොයෙක් error message එනවා. දැනට මම භාවිතා කරන Os එක ISO file ආකාරයට torrent file download කරන්න තියෙන​වා. නමුත් මතක තියා ගන්න original file එක ප්‍රමාණය 7.2gb වෙන​වා. ඒ සදහා dual layer DVD එකක් ඔනි වෙන​වා. මේ සදහා උනන්දුවක් දක්වන අයෙක් ඉන්නවා නම් download කරන file එකේ size එක ගැන බලන්න. කොළඹ අවට ඉන්නා කෙනෙක් නම් මට පුලුවන් වෙවි copy ලබා දිමට.

මා සමග සම්බන්ධ විය හැකි ඊමෙල් ලිපිනය : admin@fedipchain.com or info@fedipchain.com

written by admin \\ tags: