Vsmart Extensions

ebay මගින් භාණ්ඩ ගෙන්විම

Wednesday, 09 November 2011 10:25 Asanka ebay
User Rating: / 1
PoorBest 
Share
Twitter
Download SocButtons
View Comments

ටික කාලයකින් සටහනක් ලියන්නත් බැරි වුනා. එවගේම ලියන්න ගොඩක් දේ තිබුනත් ලියන්න තරම් කාලයක් ලැබුනේ නැති නිසා ගොඩක් ලියන්න හිටපු දේවල් මග හැරැනා. කොහොම නමුත් මම අද කියන්නේ මම ලබපු තවත් අත්දැකිමක් ගැන තමයි. මිට කලින් මම සටහනක් ලිව්වා මම ebay හරහා මිල දි ගත් iphone 3gs එක ගැන. නමුත් එතනදි මගේ වාසානාවට ද කොහේදෝ එක දෙයක් මට අමතර වාසියක් වුනා . එනිසාම මට අවශ්‍යය වුනා ADSL Wireless Router

එකක් ගෙන්වා ගැනිමට. එවගේම එගැන සොයන විට මට ලැබුනා Belkin කියන Router එකක්. මේක 4 Port with Wireless Router එකක්. මිල වුනේ 24$ වගේ තමයි. මෙය ඇත්තට ම ලාභයක් තිබුනා මොකද මෙම වර්ගයේ Router එකක් ලංකාවේ නම් මම දන්න විදිහට රැ 7000 පමණ වෙන නිසා. ඉතින් මම එය මිලදි ගත්තා. ලංකාවට ආවාම තමයි ඉතින් වැඩේ පත්තු වුනේ. මම ඉතින් කොහොමත් දැන සිටියා අනිවාර්්‍යයෙන්ම TRC නම් යන්න වෙන බව.

නමුත් මට මිට කලින් iphone එක ගෙනවපු අවස්ථාවේ ඇති නොවු ප්‍රශ්ණයකට මුහුණ දිමට සිදුවුනා. එතමයි ආනයන හා අපනයන ආයතනයේ ලියාපදිංචි කිරිම. ගිය වර නම් මට හිටපු රේගුවේ මහතුන් කිව්වේ එහෙ යන්න ඕනි නැ ගියොත් වෙන්න වැඩි පුර ලොකු මුදලක් ගෙවන්න වෙන බව තමයි. නමුත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරැ ස්ථානයේ දැන්විමක් පළ කර තිබෙනවා අනිවාර්්‍යයෙන්ම TRC හා ආනයන අපනයන ආයතන ​​දෙකටම ගිහින් ලියාපදිංචි විය යුතු බව. නමුත් ඉතින් රේගු​වේ අය යවන්නේ නැ කියලා තමයි මම හිතන් හිටියේ. කෙසේ නමුත් TRC එකට ගිහාම කලින් වගේ නෙමෙයි මේ පාර සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න තියෙන වැඩ ටික.

අනික තමයි ගියපාර ගියේ දෙවැනි මහලටනේ මේ පාර යන්න ඕනි තෙවැනි මහලට තමයි. එහි තියෙනවා වෙනමම කොටසක් Wireless උපාංග ලියාපදිංචිය සදහා. එවගේම පුරවන පත්‍රිකාවත් සම්පුර්ණයෙන්ම වෙනස්. මෙහිදි අපිට අවශ්‍යය වෙනවා අදාල භාණ්ඩය නිදහස් කර දෙන මෙන් අපි විසින් ඉල්ලා සිටින ලිපියක්. එම උපාංගය සදහා ගෙවිම් කරපු රිසිටි පතක් (මෙහිදි මම ඉදිරිපත් කෙරැවේ Paypal විසින් මා හට එවන ලද ඊමෙල් එක තමයි) හා එම උපාංගය ගැන සම්පුර්ණ තාකෂණීක විස්තරයක්. මට මේ සියලු වැඩ ටික කර ගන්න දවස් 2ක් ගියා. මොකද පලමු දවසේ ගිහින් සම්පුර්ණ විස්තර දැනගෙන ඇවිත් දෙවන දවසේ ගියා සියලු දේ අරගෙන. එව​ගෙම මේ සදහා මේ අය විසින් අපිට යම් කිසි ගාස්තුවක් ගන්නවා. දුරකථන ලියාපදිංචිය සදහා නම් ඉතින් නොමිලේ කර දේනවා නේ. මට නම් ගියේ රැ 114 වගේ මුදලක් තමයි. මෙහිදි මට ඇතිවුන ප්‍රශ්ණය තමයි මගේ Router එක සදහා catlog එකක් නොතිබිම. එනිසා මට කිව්වා අන්තර්ජාලයේන් මෙගැන හොයලා සම්පුර්ණ විස්තරයක් මුද්‍රණය කර ලබා දෙන ලෙසයි. ඉතින් මෙ අවස්ථාවෙදි මට මුණ ගැසුනා ගොඩක් අය ඒ සැම දෙනෙක් ම හිටියේ නුවර අනුරාධපුරයේ හා බදුල්ලේ අය තමයි. එ සැම කෙනෙකුටම දන්වා තිබුනේ TRC ගිහින් ඉන්පසු ආනයන අපනයන එකට ගිහින් සම්පුර්ණ ලෙස ලියාපදිංචි වි එන්න කියලා. ඉතින් මම කිව්වා කොළඹ නම් එහෙම කරන්න ඔනි නැ කියලා මගේ විස්තරය ඉතින් මම කිව්වා. TRC විසින් අපිට ලබා දෙනවා ලිපි 2ක් හා එහි ඡායා පිටපත් 2ක් ලියාපදිංචි කරපු උපාංගයේ විස්තරය ඇතුලත් කර. ඉන් එකක් තැපැල් කන්තොරැවට හා අනේක දෙන්නේ ආනයන අපනයන ආයතනයට තමයි. මම ඉතින් තැපැල් කන්තොරැවට ආනයන අපනයන ආයතනට දුන් ලිපි 2ක් අයින් කර දුන් නමුත් පසුව අනික් ලිපි දෙකත් ලබා දුන්නා.

ඉල්​ලගෙන කනවා කියන්නේ මෙකට තමයි කියලා මට හිතුනේ ඉන්පසු තමයි. එදා හිටපු රේගුවේ මහතා කියපි ඔයා ආනයන අපනයන එකට ගිහින් එතනින් ලයිසන් එකක ගන්න ඕනි කියලා. මම ඉතින් සැහෙන උත්සහායක් ගත්තා නොගිහින් ඉන්න නමුත් හරි ගියේම නැ. එයා ගාව තියෙනවා ලොකු පොතක් එකේ තියෙනවා මෙම වර්ගයේ උපාංග සදහා ලයිසන් එකක් ගන්න ඕනි කියලා. ඉතින් මොනවා කරන්න ද එකාට හොදටම බැන බැන ගියා තමයි ලංකාවේ තියෙන ජාරාම ජාරා ආයතනයට. මිට පෙර මම හිතන් හිටියේ රේගුව තමයි අන්තිම ජාරා ආයතනය කියලා. නමුත් ඉතින් එතනට ගිහාම තේරෙනවා රේගුව හොදයි කියලා. එතනට කවුරැ ගියත් අපිට තැපැල මගින් එවන ලද ලිපි 2කේ ම ඡායා පිටපත් හා තමන්ගේ ID කොපි අරගෙන යන්න ඔනි. මෙය පිහිටා තියෙන්නේ හේමාස් ගොඩනැගිලේ තමයි කොළඹ. කවුරැත් දන්න කාගිල්ස් ගොඩනැගිල්ල ඉදිරිපිට තිබෙන ගොඩනැගිල්ලේ 1වන මහලේ තමයි මෙය තියෙන්නේ. එතන ඇතුලින් වුනත් ඡායා පි​ටපත් ලබා ගන්න පුළුවන්. එතන ඉන්නවා කෙනෙක් හිමින් සැරේ කර ගන්න පුළුවන්. මම යන විටත් අනික් අය (මා සමග TRC හි සිටි අය) අදාල පොරමය භාරදි තිබුනත් කිසිම දේයක් සිදු වි තිබුනේ නැ. අපි පැය 4ට අධික කාලයක් ඉන්න වුනා එම ස්ථානයේ. එතන ඉන්න කෙනෙක් කියන්නේ අද ඉන්නේ 2යි එනිසා ගොඩක් වෙලාව යයි කියලා තමයි අයදුම් පත භාර ගන්නේ. නමුත් ඊට දවස් 2ක 3ට කලින් දිපු එවා පවා මේ අය අවශ්‍යය සහතිකය ලබා දි තිබුනේ නැ. කොහොම හරි එහිදි අහනවා උපාංගයේ වටිනා කම මම නම් එය පුරවා තමයි භාර දුන්නේ. නමුත් අයදුම්පත භාර ගන්න කෙනාත් එය පුරවනවා. කරැමෙට හරි අපිට තැපැලේ රේගුව මගින් ලබා දුන් කොලයේ ලියා තිබුනොත් $ මෙච්චරක් වටිනවා කියලා sorry ම තමයි ඉතින්.

මොකද එතනට ගෙවන්න සිදුවන අවම ගාස්තුව රැ 1500 ක්. මම ඉතින් දැම්මෙ රැ 1000 ක් කියලා මම කිව්වා මෙය භාවිතා කරපු එකක් කියලා. නමුත් මටත් රැ 1500 ක් ගෙවන්න සිදුවුනා. අපි එතන ඉන්න විට සමහර අය ගාස්තුව වශයෙන් රැපියල් ලක්ෂයක් ගෙවපු අය ගොඩක් හිටියා. එවගේම වැදගත් දේ තමයි ශිතකරණ අධි ශිතකරණ වායුසමිකරණ හා විදුලි සංදේශ උපකරණ අදි සැම දේයක්ම මෙතන ලියාපදිංචි කල යුතුයි. මෙම නිති ටිකක් අලුත් එකක් බව තමයි දන්නේ. කොහොම හරි සවස 3 වන විට තැපැල් ආයතනයටත් ගිහින් මගේ උපකරණයත් ගන්න පුළුවන් වුනා. එවගේම ආනයන අපනයන ආයතන​යේ ලියාපදිංචි කරන විට මම දැම්මේ ගාස්තු ව රැ 1000ක් නිසා මට එය වාසි වුනා තැපැල් ආයතනයට බදු ගෙවන්න ගිහාම. එහිදි මට වැය වුනේ රැ 153 ක් පමණයි. ලංකාව වගේ රටකට කිසිම දවසක ඇත්ත කියලා නම් කිසිම දේයක් ගෙන්න හොද නැ කියලා තමයි කියන්න තියෙන්නේ.

එවගේම ආනයන අපනයන ආයතනය නම් ඉතාමත් ජාරාම ආයතනයක් බව තමයි කියන්න පුළුවන්. මිනිසුන්ව සැහෙන්න රස්තියාදු කිරිමක් වගේම අපේ කාලය විශාල වශයෙන් කා දමන ආයතනයක් තමයි. දුරකතන හා Router වැනි උපාංග ගෙන්විමත් එපා වුනා එදා නම්. කවුරැ හරි ගෙන්වනවා නමි අනිවාර්්‍යයෙන් මේ කට්ට කන්න බලා ගෙන තමයි ගෙන්වන් න ඕනි. එවගේම TRC හිදි මට කෙ​නෙක් මුණ ගැසුනා ඔහු මුලින් ම කර තිබුනේ තැපැලෙන් ලැබු ලිපිය අරගෙන තැපැල් ආයතනයට නොගොස් කෙලින්ම TRC ඇවිත් එහි සහතිකය අරගෙන දෙවනුව තැපැල් ආයතනයට යැමයි. හැබැයි එ පුද්ගලයා නම් අපි ඉන්න කම් ආවේ නැ ආනයන අපනයන ආයතනයට. මම හරියටම දන්නේ නැ ඔහු එදාම දුරකථනය තැපැල් ආයතනයෙන් ගත්තා ද කියන්න නම්. සමහර විට එදා දවසේ රේගුවේ සිටින පුද්ගලයා අනුව වෙනස් වෙන්නත් පුළුවන් තිරණය හරියට මට මුල් ව​තාවේදි සිදු වුනා වගේ. මා සමග සිට දුර පලාත් වල අයට ගෙවන් වුනේ උපරිම රැ 1500 පමණයි. මොකද එසැම කෙනෙක් ම කිව්වේ මෙය තැගි ලැබුන දෙයක් වශයෙන් තමයි. එක් අයකුට දුරකථන දෙකක් තිබුන නිසා

රැ 1750 ගෙවන්න සිදු වුනා. මම මේ විදිහට ලිපියක් ලියන්න හිතුවේ කාට වුනත් ප්‍රයෝජන වෙන්න පුළුවන් නිසයි. අනික තමයි router එක Wireless එකක් නම් අපි ලබා දිය යුතු දත්ත ප්‍රමාණය වැඩියි.

ලිපිය ගොඩක් දිර්ඝ වුනා මොකද කියන්න අවශ්‍යයම ටික කිය යුතු නිසා. ​මම හිතන්නේ Wireless  උපාංග ගෙන් වන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ගැන හිතන එක තමයි වඩා හොද. බදු​ල්ලේ සිට පැමිණි කෙනා ඊට කලින් දවසේ රැ තමයි බදුල්ලෙන් පිටත් වි තියෙන්නේ. ඔහු ව​ඩා හොදට තව වැඩිපුර ගෙවා ebay Seller ට කියා තියෙන්නේ දුරකථනය Fedex හරහා එවන ලෙසයි . නමුත් කටුනායක රේගුව විසින් විවෘත කරපු නිසා එය ලියාපදිංචි කලයුතු බැවින් එහි අයිතිකරැ විසින් එය කිරිමට සිදුවෙනවා. ඉතින් එසදහා ම ඔහුට කොළඹ පැමිණිමට සිදුවුනා. පසුව සියලු ලියාපදිංචි ලිපි ලබා දුන්නත් ඔහුට තව සතියක් පමණ යන බව තමයි අදාල ආයතනයෙන් කියා තියෙන්නේ. මොකද මෙම සතියේ නිවාඩු වැඩි නිසා තමයි.


Subscribe via RSS or Email:

 

blog comments powered by Disqus
back to top
 

Main Menu

  • Home

ජනප්‍රිය වු සටහන්

  • Google වෙතින් තවත් සේවයක්
  • ඇපල් හා Steve Jobs ට කැමති අයට විශේෂයි 
  • ebay මගින් භාණ්ඩ ගෙන්විම
  • Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි
  • අලුතින් එන The Expendables 2 චිත්‍රපටිය

Google +

ඇවිත් ඉන්න කට්ටිය

We have 5 guests online
සියලුම ලිපි ලබා ගැනිමට Facebok page Follow me ලිපි ඊමෙල් මගින් ලබා ගැනිමට

සින්ඩි


LankaBloggers blog reader


Nimnaya Blog Reader lankasky Syndicator />

 

 

දැන් මම සිටින තැන

By A Web Design Company

Copyright © 2012 අසංකගේ මැක් සටහන | Supported by JoomlaPanel