ඇපල් හා Steve Jobs ට කැමති අයට විශේෂයි 

30Aug2011
Apple ගැන
Written by Asanka
User Rating: / 2
PoorBest 

සැලකිය යුතු කාලයකින් මැක් ගැන හා වෙනත් යමක් ගැන ලියන්න බැරි වුනා. එවගේම මගේ වෙබ් hosting වලත් ප්‍රශ්ණ තිබුන නිසා මුකුත් ම කර ගන්න බැරි වුනා. දැන් ඉතින් කවුරැත් දන්නවා නේ මැක් වල අලුතින්ම ලයන් එකත් පැමිණියා. එවගේම දැන් පලමු වන update එකත් ඇවිත් ඉවරයි. එවගේම දෙවැනි update එකත් එන්න තමයි නියමිත වෙලා තියෙන්නේ.

මැක් license කොපියක් ලබා ගත්තත් මට බැරි වුනා මැක් ලයන් ස්ථාපනය කර ගන්න. පසුගිය කාලය පුරාවටම වෙනත් වැඩ කටයුතු වල යෙදි සිටි නිසා මුකුත්ම කර ගන්න බැරි වුනා. එවගේම ඉතින් මම word-press අතහැර සම්පුර්ණ වශයෙන්ම Joomla වලට මාරැ වෙන්න කල්පනා කෙරැවා. තවම ඉතින් ටික ටික තමයි ඉගෙන ගන්නේ. එනිසා ඉතින් සටහනක් පළ කරන්නත් කාලයක් යනවා. තරිදු දුන්න අදහසක් අනුව තමයි joomla වලට මාරැ වෙන්න හිතුවේ. මම ඉතින් වෙබ් සංස්කරණය ගැන ලොකු අත්දැකිමක් නැති නිසා අලුතින් ඉගෙන ගන්න දේ තියෙනවා joomla ගැන. word-press වගේ ඉක්මනට කරන්න බැරි කමක් තිබුනත් ආරකෂාව හා පහසුව අතින්නම් joomla ගොඩක් ඉදිරියෙන් සිටින බව තමයි පෙන්නේ.

ඇපල් හා සිදු වු සිදුවිම් අතරින් වඩාත්ම කණගාටු සිදුවිම සිදු වුයේ එහි ලොක්කා වන Steve Jobs මහතා ඇපල් ආයතනයෙන් සමුගැනිම තමයි. කවුරැත් දන්නවා නේ ඔහු ව මිට වසර කිහිපයකට කලින් එම ආයතනයෙන්ම අයින් කරපු බව. ඉන්පසු නැවත ඔහුගේ පැමිණිමත් සමග තමයි ඇපල් ආයතනයේ නිෂ්පාදන ජනප්‍රිය වුයේ. එසදහා ඔහු විසින් විශාල කාර්්‍යභාර්යක් සිදු කෙරැවා. ඔහුගේ මේ සමුගැනිමට මුලික වුයේ ඔහුගේ අග්‍යන්‍යශයේ තිබු පිළිකාව නිසා තමයි. එය සම්පුර්ණ වශයෙන් අයින් කෙරැවත් ඔහු ගේ සෞඛය තත්වය හොද අතට නම් හැරැනේ නැ . මේ වසරේ මුල් කාලයෙත් ඔහු විසින් ලෙඩ නිවාඩු ලබා සිටියා. ඉතින් මේ සමුගැනිම කොයි තරම් දුරට ඇපල් ආයතනයට බලපැමක් එල්ල කරයිද කියන්න තවම කල් වැඩියි. අලුතින් ආපු ලොක්කා නම් කිව්වේ කිසිම විදිහික වෙනසක් කිරිමට බලාපොරොත්තු නොවන බව තමයි. අලුතින් ආ Tim Cook මිට කලින් Compaq ආයතනයේ වැඩ කරපු ලොක්කේ තමයි.

කෙසේ නමුත් ලොකයේ පුරාම සිටින ඇපල් වලට ආදරය කරන සැවොම සැහෙන දුක්වන පුවතක් තමයි අසන්න ලැබුනේ. මැක් ලයන් පැමිණ එහි උණුසුම යන්නත් පෙර මේ වගේ සිදුවිමක් ඇති විම සැහෙන කණගාටුයි තමයි. එ කෙ​සේ වෙතත් Steve Jobs නම් පුද්ගලයා කිසිකෙනෙකුට අමතක නොවෙන්න නියම මෘදුකාංගයක් තියෙනවා ඇපල් App-store එකේ. මෙය i phone, Ipad සදහා ස්ථාපනය කර ගන්න පුළුවන්. මෙහිදි පුළුවන් ඔහුගේ විස්තර දැන ගන්න. එවගේම ඔහුගේ විශේෂ විඩියෝ පට හා ඡයා රැප දැක ගන්න මේ සදහා අන්තර්ජාලය අවශ්‍යය වෙනවා. මෙහිදි අපිට පුළුවන් ඔහු හට පොඩි පණිවි​ඩයක් පවා තබන්න. හැබැයි එය ඔහුට ලැබෙනවා ද යන්න නම් දන්නේ නැ. මිට අමතරව ඔහු ගැන ගොඩක් විස්තර අපිට දැන ගන්න පුළුවන් මෙම මෘදුකාගංය හරහා. එය මෙතනින් ඔබ හට ලබා ගන්න පුළුවන්. එහි නම තියෙන්නේ Sir Steve Jobs යනුවෙන් තමයි. එය නිර්මාණය කර තියෙන්නේ ඇපල් මෘදුකාංග නිර්මාණ කරැවෙක් වන George Harjani විසින්.

මම හිතනවා මෙම මෘදුකාංගය iphone භාවිතා කරන එවගේම Steve Jobs හට කැමති සැමටම හොද මෘදුකාංගයක් වෙයි කියලා. මෙය app-store එකට ඇතුල් කර තියෙන්නේ මේ වසරේ මාර්තු මාසයේ. මම නම් කලින් මේ ගැන දැන සිටියේ නැ. නමුත් අහඹු ලෙස තමයි මේ ගැන දැන ගන්න ලැබුනේ. මම පහතින් පෙන්වා තියෙන්නේ එහි ඡයාරැප කිහිපයක්. මෘදුකාංගය ස්ථාපනය කරන්න පුළුවන් අය කරගෙන බලන්න කොහොමද කියලා. අනිවාර්්‍යයෙන් ඔයාලා කැමති වෙන්න වෙවි මේ මෘදුකාංගයට. Steve Jobs මහත්මයාට කැමති අයට නම් හරියටම හරි යන මෘදුකාංගයක් තමයි මේක. එවගේම මම පහතින් පෙන්වා තියෙනවා Steve මහතා විසින් අන්තිමට ලබා දුන් අස්විමේ ලිපිය.

 

To the Apple Board of Directors and the Apple Community:

I have always said if there ever came a day when I could no longer meet my duties and expectations as Apple’s CEO, I would be the first to let you know. Unfortunately, that day has come.

I hereby resign as CEO of Apple. I would like to serve, if the Board sees fit, as Chairman of the Board, director and Apple employee.

As far as my successor goes, I strongly recommend that we execute our succession plan and name Tim Cook as CEO of Apple.

I believe Apple’s brightest and most innovative days are ahead of it. And I look forward to watching and contributing to its success in a new role.

I have made some of the best friends of my life at Apple, and I thank you all for the many years of being able to work alongside you.

Steve

 





 

 

Subscribe via RSS or Email:

 

blog comments powered by Disqus