අද කියන්නේ මම නරඹපු වඩාත් කැමතිම චිත්‍රපටියක් ගැනයි. මෙම චිත්‍රපටිය මම හිතන්නේ ගොඩක් අය නරඹලා ඇති. මෙහි ඇති විශේෂත්වය තමයි තාත්තාගේ ද නැත්නම් පුතාගේ ද දකෂතාවය වැඩිම යන්න සොයා බැලිමයි. මෙම චිත්‍රපටිය ගැන කියනවා නම් මෙය The Karate Kid නැමති චිත්‍රපටියයි. මෙම නම ම තියෙන තවත් චිත්‍රපටියක් තිබෙනවා.
මෙහි නළු Jaden Smith ප්‍රධාන වශයෙන් රගපාන්නේ අපි වඩාත් කැමති Jackie Chan සමග තමයි.මෙම The Karate Kid හි මුල්ම පිටපත නිකුත් වුයේ 1984 වර්ෂයේ දි තමයි. ඉන් වසර 26 ට පමණ පසු තමයි මෙම නවතම Karate Kid චිත්‍රපටිය නිකුත් වන්නේ. එවගේම මෙම Jaden ඉපදි තිබෙන්නේ 1998 වර්ෂයේ තමයි. ඔහු චිත්‍රපටියකට දායක වි තිබෙන්නේ 2006 වසරේ දි තමයි. මොහු කුඩා කාලයේ සිටම දකෂ නළුවෙක් තමයි. මම නම් හිතන්නේ මොහු තමන්ගේ පියාට ත් වඩා දකෂ කෙනෙක් කියලයි. හැබැයි තාත්තා තරම් හැඩි දැඩි සිරැරක් තිබෙන කෙනෙක් නෙමෙයි. නමුත් වැඩ නම් සුපිරිම තමයි.
එබව තේරැම් ගන්න පුළුවන් වෙයි මෙම චිත්‍රපටිය බැලුවා නම්. මොහුගේ පියාත් මෙහි නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. කථාව ගැන ටිකක් කියනවා නම් ඇමරිකාවේ සිය නිවාස අතහැර තමන්ගේ මව සමග චිනයට එනවා මවගේ රැකියාව නිසා. නමුත් Jaden කිසිම විදිහකින් කැමති වෙන්නේ නැ චිනයේ ජිවත් වෙන්න. චිනයේ ඉතින් හැම කෙනාම මාෂල් ආටිස් ඉගෙන ගන්නවා නේ. මෙහුගේ හිත ගිය ඔහුගේ ම වයසේ චින ගැනු ලමයෙක් ඉන්නවා. Jaden ඒ ගැහැණු ළමයා සමග මිත්‍ර වෙන්න හැදුවත් එයාගේ යාළුවන් නිසා Jaden ප්‍රශ්ණ ගොඩකට මැදි වෙනවා.
එම යාළුවන් හොදින් මාෂල් ආට්ස් ඉගෙන සිටින අය තමයි. නමුත් මේ Jaden කිසිම විදිහකින් සටහන අත්හරින කෙනෙක් නෙමෙයි. මේ නිසාම ඔහුන්ගේන් මොහු කිහිප වතාවක්ම ගුටි කනවා හොදටම. මෙහු තනියම කරාටේ ඉගෙන ගන්න හැදුවත් වැඩක් වෙන්නේ නැ. ඉතාම අහඹු ලෙස මොහුට මුණගැහෙනවා Jackie chan ඔහු මොහුන් සිටින නිවාස සංකිර්ණයේ අලුත්වැඩියා කටයුතු වලට සිටින පුද්ගලයා තමයි.Jackie chan විසින් ඉතා අපුරැවට මොහුව පුරැදු කරනවා. එය පටන් ගන්නේත් හරිම අපුරැ විදිහකට තමයි. මේ Jaden ට තියෙනවා පුරැද්දක් තමන් අදින ජැකට් එක හරියාකාරව එල්ලිමට ඇති කම්මැලි කම. ඔහු නිතරම එය කොහේට හෝ විසි කරන එක තමයි කරන්නේ. ඉතින් නිතරම ඔහුගේ මව කියන්නේ එය හරියට එල්ලා තබන ලෙස තමයි. මෙන්න මේ ක්‍රමය තමයි Jackie chan ඔහුට පුරැදු කිරිම පටන් ගන්නේ. ඔහුට මෙය එපා වෙනකම් කරවනවා. නමුත් එහි තියෙනවා යම් කිසි තාකෂණික පැත්තක් කරාටේ වලට.
ඉතින් මේ ගැන කියවෙන අපුරැ සිංදුවක් පවා නිර්මාණය වි තිබෙනවා මෙම චිත්‍රපටියට. එහි නම තමයි " Never Say Never " නැමැති සිංදුව. මෙය ගායනා කරන්නේත් Justin Bieber (මොහු කැනිඩියානු ගායන ශිල්පියෙක් )සමග Jaden Smith ම තමයි. සිංදුවත් හරිම ලස්සනයි. ලොකු කුඩා කාට වුනත් බලන්න හරිම ලස්සන චිත්‍රපටියක්. එවගේම ඔහුගේ වෘතිය වශයෙන් සදහන් වන්නේ Actor, Artist, songwriter, dancer යනුවෙන් තමයි. එවගේම ඔහුගේ සහෝදරයෙක් ඉන්නවා ගායන ශිල්පි Willow Smith නමින්. එවගේම මොහුට ඉතාමත් ලස්සනට නටන්න හැකියාව තිබෙනවා. michael jackson වගේම තමයි මොහුගේත් නැටුම නම්. එබව හොදින් තේරැම් යයි මෙම චිත්‍රපටිය නැරඹුවා නම්. මොහුගේ වසට නම් නෙමෙයි රංගන හැකියාව හා නර්තන හැකියාව එ අතින් නම් තමන්ගේ පියාට වඩා ඉතා දකෂයෙකු වෙනවා.
&ob=av2e">



