Google වෙතින් තවත් සේවයක්

08Sep2011
Google වල වැඩ
Written by Asanka
User Rating: / 5
PoorBest 

අද කියන්නේ අපිට නිතරම සේවාවන් සමුහයක් සැමවිටම නොමිලේ දෙන Google සමාගම කරපු තවත් වැඩක් ගැන තමයි. දැන් අපිට පුළුවන් අපගේ Gmail Account එකේ ඉදන්ම SMS පණිවිඩයක් යවන්න ලංකාවේ Dialog හා Mobitel ආයතනවලට අයත් ජංගම දුරකථන සදහා. මේක මගේ gmail හා Google Apps වලට තමන්ගේ domain එක host කර ඊමෙල් සේවය ලබා ගෙන එහෙම තියෙනවා නම් එයටත් හරියටම වැඩ කරනවා.

මමත් ඉතින් මගේ domain එක (​fedipchian.com) ඊමෙල් සදහා භාවිතා කරන්නේ Google Apps සේවය තමයි. මමත් ඉතින් මේ ක්‍රමය භාවිතා කර බැලුවා. SMS එක නම් වැඩ කරනවා.Google chat ​එකේ ඉන්න ගමන් ඉතින් පුළුවන් අවශ්‍යය නොම්බරය type කර SMS එකක් යවන්න.

එවගේම අපි type කරන නොම්බරය අපේ address book එකත් එක්ක Google adress book එක sync වෙලා නම් තියෙන්නේ අපිට හරිම ලේසියෙන් නොම්බරය හොයා ගන්න පුළුවන්. මමත් ඉතින් මෙය හරියටම දැක්කේ අද උදේ තමයි. බලන්න ඔයාලාගේ gmail වල chat window එකට උඩින් තියෙනවා ද ? කියලා Send SMS box එක. තියෙනවා නම් කරන්න තියෙන්නේ අපිට අවශ්‍යය නොම්බරය type කර Enter කිරිමෙන් ලැබෙන Popup  window එකේදි නමක් type කර ඉන්පසු ලැබෙන box එකේ type කිරිමට අවශ්‍යය දේ type කර Send කිරිම තමයි. මෙහිදි අපි සම්පුර්ණ දුරකථන අංකය ඉදිරියට 0 යොදා type කිරිම කලයුතුවේ. උදා : cheeky 0777123456 ලෙස තමයි.

Subscribe via RSS or Email:

 

blog comments powered by Disqus