Vsmart Extensions

iPhone 4S " සිරි " ගැන

Wednesday, 16 November 2011 11:54 Asanka iPhone ගැන
User Rating: / 1
PoorBest 
Share
Twitter
Download SocButtons
View Comments

අද කියන්නේ නවතම iphone 4s හි පවතින අලුත්ම හා දැනට තිබෙන කාගෙත් සිත් ඇද ගන්නා මෘදුකාංගයක් ගැන තමයි. මෙය දැනට පවතින්නේ iPhone 4s දුරකථන සදහා පමණයි. මෙම තාකෂ්ණය ගැන කියනවා නම් යමක් සිතා කරන්න පුළුනවන් දුරකථනයක් වගේ තමයි. ඇත්තටම මම මිට කලින්නුත් මේ ගැන ලිපියක් පළ කෙරැවා. සිරි කියන්නේ අපිට සිටින පෞද්ගලික් ලේකම් වරියක් වගේ තමයි. මම මිට පෙර සිතා සිටියේ මෙය ඇපල් ආයතනයේම මෘදුකාංගයක් කියා තමයි.

නමුත් මම ලගකදි දැක්කා අන්තර්ජාලයේදි මෙම මෘදුකාංගය වෙනත් පුද්ගලයෙකුට අයත් එකක බවත් ඔහු නමින් Dag Kittlaus නම් පුද්ග​ලයෙක් තමයි. එවගේම ඔහු වයස අවුරැදු 44 ක් වන Norwegian ජාතිකයෙක් තමයි. එවගේම ඔහුගේ මුලු ජිවිතයම උඩු යටි කුරැ වුනා ලු​ ගිය අවුරැද්දේ ඉදන් මොකද මේ company’s personal assistant software එක ඇපල් සමාගම මගින් මිලදි ගත්තාම. එවගේම ඔහු ගොඩක් සතුටු වෙනවා Steve මහතා සමග සම්බන්ධ වි වැඩ කරන්න ලැබිම ගැන.

ඔහු කියන විදිහට ඔහුට මුලින්ම කතා කර තියෙන්නේ Steve මහතා විසින් ම තමයි. එවගේම එය මිල දි ගෙන තියෙන්නෙත් පොඩි ගානකට එහෙම නෙමෙයි. එහි වටිනාකම වශයෙන් සදහන් වන්නේ $200 million තමයි. එවගේම ඔහු ඇමරිකාවේ ඇපල් මුලස්ථානය වන පිහිටා තිබෙන Cupertino වල මාස 18ක් පමණ කාලයක් වැඩ කර ති​බෙනවා මෙම ව්‍යාපෘතිය සම්බන්ධව. ඇපල් ආයතනය සම්පුර්ණ වශයෙන්ම ඔහුගේ ආයතනයම මිලදි ගෙන තමයි තියෙන්නේ.

මෙම පුද්ගලයා ගැන කියනවා නම් ඔහුගේ මව නොර්වේ කෙනෙක් වන අතර පියා ඇමරිකන් ජාතිකයෙක්. මොහු නිවාඩු කාලය තුලදි සිටින්නේ ​​නොර්වේ තමයි. නමුත් ජිවත් වුයේ චිකාගෝ නගරයේ තමයි. දැන් නම් ඔහු සිටින්නේ සුප්‍රසිද්ධ Silicon Valley හි තමයි. මෙම සිරි ව්‍යපෘතිය පටන් අරන් තියෙන්නේ තවත් එක් පුද්ගලයෙකු හා වෙනත් ආයොජකයෙකු සමග වසර 2007 දි. මෙහිදි මේ සිරි කියන නමත් නොර්වේ භාෂාව අනුව යෙදු එකක් තමයි. එවගේම මෙම සිරි ගැන ඔහු පවසන්නේ සිරි ට පුළුවන් අපි කියන දේ තෙරැම් ගන්න හා අපි සිතන දේ ගැන තෙරැම් ගන්නත් එවගේම ඊට අනුව අපට කථා කරන්නත් කියලා තමයි. ඇත්තටම එ කථාව නම් ඇත්තක් කියලා හිතන්න පුළුවන් මොකද අන්තර්ජාලයේ තියෙනවා විඩියෝ ගොඩක් මෙ ගැන සදහන් වන. එවගේම අපිට පුළුවන් අපේ කට හඩ මගින් SMS යවන්න අපගේ කැලැන්ඩරය සකස් කර ගන්න වගේම කොල් එකක් ගන්න වුනත් පුළුවන්.

එවගේම මෙහි නවතම අරංචිය තමයි වසර 2013 වන විට මෙම මෘදුකාංගය ඇතුලත්ව ඇපල් TV පැමිණිමට නියමිත බව තමයි. එවගේම ඔහු දැන් කොටිපතියෙකු වි සිටින බැවින් ඔහු ගේ පවුලේ අය වගේම ඔහුත් ඉතා සතුටින් සිටින්නේ ඔහුන්ට ලැබුන දේවල් ගැන. දැනට ඔහු සිරි ව්‍යාපෘතිය සමග වැඩ නොකරන නිසා මෙ කාලයේදි ඔහු පොතක් ලියන බව තමයි සදහන් වන්නේ. එවගේම ඉදිරියේදි සිරි තවත් වැඩිදියුණු කිරිමට ඔහු බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. එ ගැන තවත් ඔහු අත්හදා බලමින් තමයි සිටින්නේ.එවගේම ඔහු සදහන් කරන්නේ ඇපල් ආයතනය මුදල් සදහාම නොව ඉතාම අගනා දේයක් තාකෂණික වශයෙන් ලබා දිමට සැම විටම උත්සහා ගන්නා බවයි. එවගේම ඔහු විසින් තවත් කෙනෙකුට පවසපු දෙබසක් තමයි මම පහතින් යොදා තියෙන්නේ. එවගේම ඔහුගේ ඡායාරැප කිහිපයකුත් තියෙනවා.


 

“Of course it was a great moment when Steve Jobs called and wanted to buy my company. It was surreal. When I heard that it was him, I knew we had made it big. In advance, we were pretty confident that the technology we had developed was so startling that we would get some kind of breakthrough. Steve was the first caller.”

 


 

 

 

 


Subscribe via RSS or Email:

 

blog comments powered by Disqus
back to top
 

Main Menu

  • Home

ජනප්‍රිය වු සටහන්

  • Google වෙතින් තවත් සේවයක්
  • ඇපල් හා Steve Jobs ට කැමති අයට විශේෂයි 
  • ebay මගින් භාණ්ඩ ගෙන්විම
  • Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි
  • අලුතින් එන The Expendables 2 චිත්‍රපටිය

Google +

ඇවිත් ඉන්න කට්ටිය

We have 4 guests online
සියලුම ලිපි ලබා ගැනිමට Facebok page Follow me ලිපි ඊමෙල් මගින් ලබා ගැනිමට

සින්ඩි


LankaBloggers blog reader


Nimnaya Blog Reader lankasky Syndicator />

 

 

දැන් මම සිටින තැන

By A Web Design Company

Copyright © 2012 අසංකගේ මැක් සටහන | Supported by JoomlaPanel