අද කියන්නේ ඇපල් iphone නිකුත් කර ඊයේ දිනයට වසර 5ක් ගෙවි ගිහින්. ඇත්තටම මෙය ඊයේ දාන්න තිබුන එකක් තමයි . වර්ෂ 2007 ජනවාරි 9 දා තමයි Steve Jobs මහතාගේ ප්‍රධානත්වයේන් මුල් වරට iPhone එකක් නිකුත් කරන ලද්දේ. එදා සිට අද පටන් Smart Phone වල දැවැන්ත පෙරලියක් කිරිමට මෙම iPhone සමත් වි තියෙනවා.
එගැන ඉතින් අමුතුවෙන් කිවයුතු නැනේ. එවා භාවිතා කරන අයම දන්නවා නේ. මම පහලින් විඩියෝ කිහිපයක් එකතු කර තියෙනවා එවා නැරඹිමෙන් ඔබට පුළුවන් මුලින්ම ආ iPhone එක ගැන Steve Jobs මහතා කොහොමද හදුන්වා දිම කෙරැවේ කියලා.
මෙහි තියෙනවා එවකට තිබු Smart Phone වල නැති විශේෂ ගුණාංග කිහිපයක්ම. එහැම දේයක්ම ගැනම මෙම විඩියෝවේ සදහන් වෙනවා. මුල් වරට Multitouch උපාංගයක් වශයෙන් තමයි මෙය එන්නේ. ඊට අමතරව iPode හා අන්තර්ජාල පහසුකම හා ඇමතුම් ලබා ගැනිම යන කරැනු 3 තමයි ප්‍රධාන වශයෙන් පෙන්වා දෙන්නේ. මම කියනවාට වැඩි දේයක් මෙම විඩියෝ වල අන්තර්ගත වෙනවා. එවගේම මෙම විඩියෝ වැඩි වෙලාවක් ධාවනය වන එවා නොවේයි. එදා සහ අද iPhone වල වෙනස ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙයි මෙම විඩියෝ ටික බැලුවාම. අද මෙන්ම එවකට තිබු හොදම Smart Phone එක පැමිණිම ගැන Steve Jobs මහතා කරන ඉදිරිපත් කිරිම බලන්න කියලා මම ඔබ සැමට ඇරයුම් කරනවා. එවගේම iPhone වගේම ඇපල් වල ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන සැමට මෙය ප්‍රයෝජන වේවි කියලා හිතනවා.



