කාලයකින් අලුතින් යමක් ලියන්නත් බැරි වුනා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. එ අතුරින් අද උදේ දැකපු දේයක් තමයි කියන්නේ. අලුතින් එන Expendables 2 චිත්‍රපටිය ගැන. මෙහි මුල් කොටස ආවේ 2010 අගොස්තු මාසයේ තමයි. දැන් මෙහි 2වන කොටසත් එන්න නියමිතයි. හැබැයි ඉතින් මේ චිත්‍රපටිය එන්න නියමිත නම් ලබන වසරේ අගොස්තු මාසයේ 17 දා තමයි. නමුත් මේ පාරත් hollywood වල ඉන්න සුපිරිතම විරයන් එකතු කරගෙන තමයි වැඩෙ කරලා තියෙන්නේ.
මෙහි පොඩි විඩියෝ කොටසක් එක්කර තියෙනවා youtube වෙත. එවගේම මෙ වතාවේ මම කැමතිම කෙනෙක් වන Jean-Claude Van Damme පවා සිටිනවා. එවගේම කවුරැත් කැමති Arnold schwarzenegger හා Chuck norris සමග Bruce willis පවා සිටිනවා අලුතින්. මේ සැවොම එක්කරන Sylvester stallone මහතා ගේ තමයි කථාව. එවගේම මෙය අධ්‍යකෂණය කර තියෙන්නේ Simon West.
youtube එකේ තියෙන විඩියෝව දැක්කාම නම් හිතේන්නේ ඉක්මනට බලන්න තිබුනා නම් හොදයි කියලා නමුත් ඉතින් ඉන්න වෙනවා ගොඩක් කාලයක්. කෙසේ වෙතත් මෙහි 1වැන්න වගේම මෙයත් හොද චිත්‍රපටියක් වෙනවාට නම් සැකයක් නැ. මෙවගේ සුපිරි කට්ටිය එකතු වෙලා ඉන්න චිත්‍රපටියක් මම හිතන්නේ තවත් නැ. මෙතනින් පුළුවන් iTune හරහා බලන්න නැත්නතම් ඉතින් ">youtube හරහාත් බලන්න පුළුවන්. කට්ටිය ඉතින් මේ trailler එක බලලාම තිරණය කරන්න මෙහි ඇති සුපිරි බව. හැබැයි තවමත් අන්තර්ජාලයේ තියෙන්නේ ඉතා පොඩි කොටසක් පමණයි.



