Vsmart Extensions

ශ්‍රි ලංකා නිවාඩු දින Outlook , Gmail , Hotmail ඇතුලත් කර ගැනිම

Wednesday, 04 January 2012 12:00 Asanka සමාන්‍යය ප්‍රවෘත්ති
User Rating: / 1
PoorBest 
Share
Twitter
Download SocButtons
View Comments

ඔබ සියලු දේනාටම සුභම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනය කරනවා. එවගේම මෙම වසර ලබපු ගමන් අපේ ​මේ සිංහල බ්ලෝග් ලියන අය ගාල්ලේ පවත්වන යන උත්සවයට ඉතින් මමත් සහාභාගි වෙන්න කියලා තමයි ඉන්​නෙ. මොකද මිට පෙර පැවති කිසිම උත්සවයකට ඉතින් මට සහාභාගි වෙන්න බැරි වුනා. එවගේම එසදහා වැඩ කටයුතු කරන සැමට ස්තුති කරන ගමන් මේ වසරේ මගේ පලමු සටහන ගැන තමයි කියන්නේ. අද කියන්නේ අපිට ඉතින් නිතරම වගේ අවශ්‍යය වන දේයක් ගැන තමයි. මෙය මම ගිය වසරෙත් ලබා දුන්නා. ගොඩක් අය අදහස් පළ කර තිබුනා එ ගැන එවගේම මෙම නිවාඩු දින වඩා ප්‍රයෝජනය වුයේ ලංකාවෙන් පිට ඉන්න අයට කියලා තමයි කිහිප දෙනෙක් ම කිව්වේ. ඉතින් මම මෙවරත් එය ලබා දෙන්න තමයි තිරණය කෙරැවේ. පොඩ්ඩක් විතර ඉතින් ප්‍රමාද වුනා. මෙහි තියෙනවා සමාන්‍යය දින දර්ශණයේ දක්නට නොලැබෙන නිවාඩු කිහිපයක්.

එය ඇත්තටම කිව්වොත් ඉතින් එය බැංකු සදහාම සුවිශේෂ වු නිවාඩු දින කිහිපයක් තමයි. එහෙම වෙන්න හේතුව වන්නේ ප්‍රසිද්ධ නිවාඩු කිහිපයක් සතිඅන්තයට ඇතුලත් විම තමයි. මෙම නිවාඩු කිහිපය මම ලබා ගත්තේ ලංකාවේ පෞද්ගලික බැංකුවක් මගින් නිකුත් කර තිබු දින දර්ශණයකින් තමයි. ඊට අමතරව මෙම වසරේ සිංහල හින්දු අලුත් වසර යේදි තියෙන්නේ අප්‍රියල් මස 12 හා 13 තමයි. පෞද්ගලික අංශයේ වැඩ කරන අපට නම් ඉතින් නිවාඩු අඩු බවක් තමයි පෙනි යන්නේ.

මෙම නිවාඩු ටික තමන්ගේ Outlook එකට හෝ Google , Hotmail වැනි web mail වලට එකතු කර ගත් පසු Smart Phone තිබෙන අයට පුළුවන් එය තමන්ගේ දුරකථනයේ දින දර්ශණය සමග Sync කර ගැනිමක් වුනත් කරන්න. නැත්නම් ඉතින් Google හරහා SMS මගින් වුනත් දැන ගන්න පුළුවන්. මම නම් ඉතින් මෙය දැනට අවුරැදු කිහිපයක පටන් කරන දේයක්. එනිසාම තමයි මෙය අනික් අයටත් ලබා දෙන්න හිතුවේ. ගිය වතාවේ නම් මෙය ලබා දුන්නේ Outlook file එකක් විදිහට තමයි. නමුත් මෙවර එය txt file එකක් විදිහට තමයි ලබා දෙන්නේ. මොකද මෙය 2010 Outlook සදහා පොඩි ගැටළුවක් තියෙන නිසා තමයි එකතු කර ගන්නා ක්‍රමය වෙනස් කරන්න සිදුවුනේ. කොහොම නමුත් කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් තමයි.

කාටවත් ආමාරැ වෙයි කියලා හිතන්නේ නැ. හැබැයි Outlook සදහා එකතු කර ගැනිමේ දි තමන්ට Administrator සතු බලතල ඕනි වෙනවා. පහතින් මම සදහන් කර ඇති පියවර අනුව මෙය ඔබටම තනියෙන් කර ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. අපහසුතාවක් ඇති වුනොත් දන්වන්න. මෙය කරන්න පෙර ඔබගේ දැනට තිබෙන Outlook.HOL ගොනුව වෙනත් තැනකට කොපි කර තබා ගන්න.

 

Ms Outlook 2010 සදහා C:\Program Files\Microsoft Office\Office14\1033 පසුව Outlook.HOL ගොනුව විවෘත කරන්න.

(ඔබ භාවිතා කරන්නේ වින්ඩොස් 7 64bit සංස්කරණයක් නම් C:\Program Files (x86)\Microsoft Office\Office14\1033 පසුව Outlook.HOL ගොනුව විවෘත කරන්න.)

Ms Outlook 2007 සදහා C:\Program Files\Microsoft Office\Office12\1033 පසුව Outlook.HOL ගොනුව විවෘත කරන්න.

මෙම ගොනුව විවෘත කිරිමෙ දි ඔබට පුළුවන් එය Notepad හරහා විවෘත කර ගන්න. විවෘත කර පසු find කර සොයා ගන්න Spain නැමැති රටේ නම. පසුව එහි නිවාඩු දින අවසන් වන තැනට මදක් පහලින් මම එකතු කර ඇති txt file එකේ ඇති ලංකාවේ නිවාඩු දින කිහිපය කොපි කර past කර ගන්න. ඉන්පසුවත් පොඩි ඉඩක් තබන්න. save කර ගොනුව වසා දමන්න. මෙය කරන විට ඔබගේ Outlook වසා තබන්න.

ඉන් පසු Outlook විවෘත කර

Ms Outlook 2010 : file - Opiton - calendar - Add Holiday click කර ශ්‍රි ලාංකව තෝරා ස්ථාපනය කරන්න.

Ms Outlook 2007 : ඉහත ක්‍රමය අනුගමන කරන්න.


ඔබට අවශ්‍යය Google Calendar එකට එකතු කර ගැනිම සදහා කරන්න තිබෙන්නේ Google Calendar එකට ගොස් එහි කලින් calendar එකක් එකතු කර තිබෙනවා නම් එයටම මෙම වසරේ එකත් එකතු කල හැකිය. එ සදහා තිබෙන Calendar එකේ setting වලට ගොස් හෝ Other Calendars මත click කර Import calendar මගින් එකතු කල හැකි මම ලබා දි තිබෙන ගොනුව. ඉන්පසු එය එකතු වු පසු ​අපිට අවශ්‍යය ආකාරයට setting සකසා ගත හැකියි. අප විසින් එකතු කර ගත් calendar එකේ Notification මගින් අපිට හැකියාව තිබෙනවා තමන්ගේ ජංගම දුරකථනයට SMS මගින් අවශ්‍යය නිවාඩු දිනය ලබා ගැනිමට. හැබැයි SMS මගින් නිවාඩු දින ලබා ගැනිම සදහා ඔබ විසින් කලින් ඔබගේ ජංගම දුරකථනය Google හා සම්බන්ධ කර තැබිම අනිවාර්්‍ය​ය වෙනවා.

Hotmail සදහාත් මේ වගේම ක්‍රමයක් තමයි භාවිතා කරන්නේ .එහිදි Hotmail යටතේ ඇති calendar තෝරා ගැනිමෙන් පසුව Subcribe මත click කිරිමෙන් අපිට එය අලුත් එකක් වශයෙන් හෝ තිබුන calendar එකක් මතට හෝ නව 2012 නිවාඩු දින එකතු කර ගන්න පුළුවන්. මෙහිදි අපිට මෙය SMS මගින් ලබා ගත නොහැකි වුවත් ඊමෙල් මගින් ලබා ගැනිමට හැකියාව පවතිනවා.

එවගේම මම ලබා දි තිබෙන .ical ගොනුව භාවිතා කර අප​ගේ මැක් පරිඝණකයටත් මෙය ඇතුලත් කරන්න පුළුවන්. එය දැනට පවතින් මැක් සියලු සංස්කරණ සදහා සහාය දක්වනවා.


Ms Outlook සදහා

 

Google , Hotmail හා Mac සදහා


Subscribe via RSS or Email:

 

blog comments powered by Disqus
back to top
Attachments:
Download this file (Sri Lanka Holiday.ics)Google, Hotmail හා Mac සදහා[ ]277 Kb03/01/12 16:18
 

Main Menu

  • Home

ජනප්‍රිය වු සටහන්

  • Google වෙතින් තවත් සේවයක්
  • ඇපල් හා Steve Jobs ට කැමති අයට විශේෂයි 
  • ebay මගින් භාණ්ඩ ගෙන්විම
  • Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි
  • අලුතින් එන The Expendables 2 චිත්‍රපටිය

Google +

ඇවිත් ඉන්න කට්ටිය

We have 4 guests online
සියලුම ලිපි ලබා ගැනිමට Facebok page Follow me ලිපි ඊමෙල් මගින් ලබා ගැනිමට

සින්ඩි


LankaBloggers blog reader


Nimnaya Blog Reader lankasky Syndicator />

 

 

දැන් මම සිටින තැන

By A Web Design Company

Copyright © 2012 අසංකගේ මැක් සටහන | Supported by JoomlaPanel